Daruwo Athi Ammala Song Lyrics - දරුවෝ ඇති අම්මාලා ගීතයේ පද පෙළ

Daruwo Athi Ammala Song Lyrics - දරුවෝ ඇති අම්මාලා ගීතයේ පද පෙළ
Song Title : Daruwo Athi Ammala (දරුවෝ ඇති අම්මාලා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : රූකාන්ත ගුණතිලක


දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඬවා නෙත මා
සිත පාරනවා
දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා

දරුවෝ ඇති අම්මාලා

හඬනා කිරි දරුවෝ
තුරුළ පුරා පැතුවා
පව් පුරවා සංසාරයේ
මව් පදවිය නැතුවා

දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඬවා නෙත මා
සිත පාරනවා
දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා

දරුවෝ ඇති අම්මාලා

කුරුලු මුවෝ සතුනේ
දරු සෙනෙහේ විඳිනා
මිනිස් භවේ මහිමේ මගේ
මට දරුවෝ නොදෙනා

දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඬවා නෙත මා
සිත පාරනවා
දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා

දරුවෝ ඇති අම්මාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment