Irata Rashmi Genath Denta Song Lyrics - ඉරට රශ්මි ගෙනත් දෙන්ට ගීතයේ පද පෙළ

Irata Rashmi Genath Denta Song Lyrics - ඉරට රශ්මි ගෙනත් දෙන්ට ගීතයේ පද පෙළ
Song Title : Irata Rashmi Genath Denta (ඉරට රශ්මි ගෙනත් දෙන්ට)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : මහින්ද දිසානායක
තනුව : නීලා වික්‍රමසිංහ


ඉරට රශ්මි ගෙනත් දෙන්ට පුළුවන් බව ඇත්තයි
ඉරේ එළිය රැයේ මැකී අඳුර ගලයි සත්තයි
රැයේ අඳුර ගලයි සත්තයි

හඳට සිනිඳු සළු එළන්ට හුරුපුරුදුයි ඇත්තයි

හඳට සිනිඳු සළු එළන්ට හුරුපුරුදුයි ඇත්තයි
හැමදාමත් සඳ අහසේ පායන්නෑ සත්තයි
අහසේ හඳ පායන්නෑ සත්තයි

වහින වැස්ස මහ පොළවට වැටෙනවමයි ඇත්තයි

වහින වැස්ස මහ පොළවට වැටෙනවමයි ඇත්තයි
මුලු පොළවම වට වැස්සෙන් තෙමෙන්නෙ නෑ සත්තයි
වැස්සෙන් තෙමෙන්නෙ නෑ සත්තයි

හිත් දොරකඩ ඉන්න නුඹට කියන්නෙ මං ඇත්තයි

හිත් දොරකඩ ඉන්න නුඹට කියන්නෙ මං ඇත්තයි
නුඹට දෙන්ට මගෙ හිත දැන් මගෙ ළඟ නෑ සත්තයි
හිත දැන් මගෙ ළඟ නෑ සත්තයි
හිත දැන් මගෙ ළඟ නෑ සත්තයි
හිත දැන් මගෙ ළඟ නෑ සත්තයි
හිත දැන් මගෙ ළඟ නෑ සත්තයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment