Kolom Thotata Ra Wela Song Lyrics - කොළොම් තොටට රෑ වෙලා ගීතයේ පද පෙළ

Kolom Thotata Ra Wela Song Lyrics - කොළොම් තොටට රෑ වෙලා ගීතයේ පද පෙළ
Song Title : Kolom Thotata Ra Wela (කොළොම් තොටට රෑ වෙලා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : අශෝක කෝවිලගේ
තනුව : නීලා වික්‍රමසිංහ


කළු දුම් රොටු වියන උඩින්
රෑ තරු මල් පායලා
හෝරා කටු වලට යටින්
මහ දහවල සේදිලා

කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා

කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා

දූවිලි මල් පලස උඩින් මධු සුවඳයි ගලන්නේ
වෙණ නද තුළ රෑ අවදිව පස් ඉඳුරන් රඟන්නේ
දහවල සිල් ගත් මහතුන් පන් සිල් පද බිඳින්නේ
නුවරට තනි රකින පහන් විතරයි එය දකින්නේ

කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා

රන් කිරි කට නොගෑ එවුන් අව නීතිය රකින්නේ
තුන්වන සිල් පදය බිඳින ළඳුන් දසත සරන්නේ
කුසගිණි අවි ගත් හින්දයි උන් සිල් පද බිඳින්නේ
දහවල දුටු කොළොම් තොට ද රෑ අවදිව ඉඳින්නේ

කළු දුම් රොටු වියන උඩින්
රෑ තරු මල් පායලා
හෝරා කටු වලට යටින්
මහ දහවල සේදිලා

කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා
 
කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා

කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා

කොළොම් තොටට රෑ වෙලා
කොළොම් තොටට රෑ වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment