Benthara Palame Song Lyrics - බෙන්තර පාලමේ ගීතයේ පද පෙළ

Benthara Palame Song Lyrics - බෙන්තර පාලමේ ගීතයේ පද පෙළ
Song Title : Benthara Palame (බෙන්තර පාලමේ) 
Artist : Dimanka Wellalage
Lyrics : Sajith V Chathuranga
Melody and Music : Kapilan Kugavel
Recording Engineer : Thilina Boralessa
Mix and Mastering : Kapilan Kugavel


උරුමක්කාරිය මගේ මේ සංසාරේ
හිතුවක්කාරියක් නොවී රෑ තුන් යාමේ
ඇහිපිල්ලම් සලා තියා මේ ආදරයේ
කුසුමක් වී පිපෙන්න මා මේ නිල් තීරේ

කිසිදා නොලද හැගුමන් නොලද
මගෙ ලෝකේ තුලට
ගෙනවිත් ඔබව ආසයි දිනෙක පලදා මුදුව
ඔබෙ නාමේ අගට මගෙ නාමේ දෙන්න

බෙන්තර පාලමේ දෙපිටින් ඇති මායිමේ
කොල්ලන්ගේ හිතේ බොරු නෑනේ
දුන්නොත් ආදරේ කැන්දන් යන්නම් කරේ
ඊලග මාසයේ මැද බාගේ

අවතැන් වුනු හැගුමන් වෙත කිමිදී ගිලිලා
හදපතුලේ තිබෙනා රිදෙනා හැන් සොයලා
සුවපත් කල ඔසුවක් ඔය මුවගේ මවනා
සිරියාවන් පිරෙනා සඳ වාගේ සිනහා

යහනාවක් තනලා මල් අතුරා සුවසේ
සතපන්නම් ඉඩදුන්නොත් ඉගියෙන් දෑසේ
නොරිදා සිපගන්නම් ආදරයෙන් මාගේ
රැකගන්නම් හැමදාමත් රැජිනක් වාගේ

බෙන්තර පාලමේ දෙපිටින් ඇති මායිමේ
කොල්ලන්ගේ හිතේ බොරු නෑනේ
දුන්නොත් ආදරේ කන්දන් යන්නම් කරේ
ඊලග මාසයේ මැද බාගේ

කෙහෙරැල්ලක් ඔබගේ මද පවනැල්ලක් හා
කාලයකට සැලෙනා පාවෙන හැඩ දැකලා
පදවැල් උපදිනවා මගේ මනසේ වටිනා
පිටු දාහක් තිබෙනා කවි පොතකට අදනා️

මගෙ ජීවේ අවසානේ ඔබගේ තුරුලේ
නවතින්නට හැකියාවක් ලැබුනොත් ආයේ
ඉපදී මතු භවයේ නෑ වෙනසක් වෙන්නේ
ඔබමයි සොයලා එන්නේ සුලගක් වාගේ

බෙන්තර පාලමේ දෙපිටින් ඇති මායිමේ
කොල්ලන්ගේ හිතේ බොරු නෑනේ
දුන්නොත් ආදරේ කැන්දන් යන්නම් කරේ
ඊලග මාසයේ මැද බාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment