Dunukeiya Malak Wage Song Lyrics - දුනුකෙයියා මලක් වගේ ගීතයේ පද පෙළ

Dunukeiya Malak Wage Song Lyrics - දුනුකෙයියා මලක් වගේ ගීතයේ පද පෙළ
Song Title : Dunukeiya Malak Wage (දුනුකෙයියා මලක් වගේ)
ගායනය : සුජාතා අත්තනායක
සංගීතය : වී. හේමපාල පෙරේරා
ගී පද : හේම ශ්‍රී ද අල්විස්


දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගේ අම්මා මට ජීවන සුවය සදනවා

සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී
කෙනෙක් නොමැත දරුවෙකු හට මවක සේ ලැදී
අම්මා යන සමාධියට ඉඳිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදි

සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ
සක්විති රජවරුනගේ දණ ඔබ ළඟ නැම්මේ
සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ

සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment