Ma Obe Sakunthala Song Lyrics - මා ඔබේ සකුන්තලා ගීතයේ පද පෙළ

Ma Obe Sakunthala Song Lyrics - මා ඔබේ සකුන්තලා ගීතයේ පද පෙළ
Song Title : Ma Obe Sakunthala (මා ඔබේ සකුන්තලා)
ගායනය : සුජාතා අත්තනායක
සංගීතය : සරත් දසනායක
ගී පද : උපාලි ධනවලවිතාන


මා ඔබේ සකුන්තලා
මා ඔබේ නිසන්සලා
පෙම් මන්දිරේ පුරා
ඔබ කී කතා ඇසේ //
මා ඔබේ සකුන්තලා

හද මංජුසාව දෙදරා
නූපන් සෙනේ මුලාවේ
හද මංජුසාව දෙදරා
නූපන් සෙනේ මුලාවේ
පිටුපෑව ආල කුමරෝ
පිටුපෑව ආල කුමරෝ
හමුවෙන්න මතු භවේදී

මේ අනෝම ආදරේ
මේ අනාත මංසලේ
පෙම් මංදිරේ පුරා
ඔබ කී කතා ඇසේ
මා ඔබේ සකුන්තලා

මද අන්දකාර විජිතේ
යාත්‍රා රුවල් බිඳෙන්නේ
මද අන්දකාර විජිතේ
යාත්‍රා රුවල් බිඳෙන්නේ
එකදාම එකම සොහොනේ
එකදාම එකම සොහොනේ
සැතපෙන්න මා පතන්නේ

මා ඔබෙන් උපන්නෙමි
මා ඔබෙන් මියෙන්නෙමි
පෙම් මන්දිරේ පුරා
ඔබ කී කතා ඇසේ

මා ඔබේ සකුන්තලා
මා ඔබේ නිසන්සලා
පෙම් මන්දිරේ පුරා
ඔබ කී කතා ඇසේ
මා ඔබේ සකුන්තලා
මා ඔබේ නිසන්සලා

1970දී තිරගත වූ කටි පතං (Kati Patang) හින්දි චිත්‍රපටියේ නා

කොයි උමං හයි (Na Koi Umang Hai) ගී තනුව ඔස්සෙ

නිර්මාණය වී ඇත. සංගීතය - ආර්.ඩී. බර්මන්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment