තෙම්පරාදු කහබත හදමු (Thamparadu Kahabatha Hadamu)

තෙම්පරාදු කහබත හදමු (Thamparadu Kahabatha Hadamu) - Your Choice Way

හදිසියේම ගෙදරට අමුත්තෙක් ආපු වෙලාවක ඉතාමත් පහසුවෙන් කෙටි වෙලාවකින් හදා ගන්න පුළුවන් රසම රස සුවඳ පිරුණු කහබත් එකක් හදා ගන්න විදිය තමයි මං අද ඔයාලට කියලා දෙන්න හිතුවෙ

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🎈 සහල් කිලෝවක බත් (බාස්මතී , කීරි සම්බා වැනි බත් එකක් හොඳයි)
  • 🎈 පොල්කිරි කෝප්ප 1 ක්
  • 🎈 සිහින්ව ලියාගත් බී ලූනු ටිකක්
  • 🎈 තලාගත් ඉඟුරු ,සුදුළූනු ටිකක්
  • 🎈 තලාගත් කරඳමුංගු කරල් 3,4 ක්
  • 🎈 තලාගත් කරාබුනැටි 4 ක්
  • 🎈 කුරුඳු පොතු කැබැල්ලක්
  • 🎈 සේරබඩ කැබැල්ලක්
  • 🎈 රම්පෙ, කරපිංචා ටිකක්
  • 🎈 ගම්මිරිස් ඇට තේ හැඳි 1 ක්
  • 🎈 කහ කුඩු තේ හැඳි 1/2 ක්
  • 🎈 ලුනු කුඩු ස්වල්පයක්
  • 🎈 බටර් හෝ තෙල්
❤️ බත සරසා ගැනීමට
  • 🎈 රන්වන් පැහැ වනතුරු බැදගත් බී ලූනු ටිකක්
  • 🎈 බැදගත් කජු සහ වියලි මිදි ටිකක්
  • 🎈 යන්තමින් බැදගත් කරපිංචා කොල ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💥 මුලින්ම සහල් හොඳින් ගරා සෝදා ලුනු සහ තෙල් හෝ බටර් මේස හැන්දක් පමණ එකතු කර බත පිස ගන්න.
  2. 💥 පසුව ලොකු තාච්චියක් හෝ සාස්පානක් ගෙන බටර් හෝ තෙල් දමා රත් කරන්න.
  3. 💥 එයට තලාගත් ඉඟුරු ,සුදුළූනු, කරඳමුංගු ,කරාබුනැටි ,සේර සහ කුරුඳු පොතු එකතු කරන්න.
  4. 💥 පසුව එයට ලියාගත් බී ළූනු එකතු කර රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
  5. 💥 දැන් එයට රම්පෙ ,කරපිංචා සහ ගම්මිරිස් ඇට එකතු කරන්න . විනාඩියකින් පමණ කහකුඩු එකතු කර මිශ්‍ර කරන්න.
  6. 💥 දැන් එයට බත් වලින් බාගයක් එකතු කර තෙම්පරාදුව සමග මිශ්‍ර කරන්න.
  7. 💥 පසුව එයට උඩින් ලුනු කුඩු සහ පොල් කිරි ඉස ගන්න.(ලුනු එකතු කරන්න පෙර බත් එකේ ලුනු බලා  අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලුනු එකතු කරන්න)
  8. 💥 දැන් ලිපේ ගින්දර අඩුකර ඉතිරි බත් ටික උඩින් දමා විනාඩි 5 ක් පමණ තබා බත හොඳින් මිශ්‍ර කරන්න .සුදු බත් ඇට නොපෙනෙන තුරු හොඳින් මිශ්‍ර විය යුතුයි.
  9. 💥 දැන් පිසගත් බත් දීසියකට දමා ඊට උඩින් රන්වන් පැහැයට බැදගත් කජු, බී ලූනු, මිදි සහ බැදගත් කරපිංචා දමා පිලි ගන්වන්න. 😋

😍 ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 

හෙළයේ රස මිහිර
තෙම්පරාදු කහබත හදමු (Thamparadu Kahabatha Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment