Dathata Walalu Song Lyrics - දෑතට වළලූ ගීතයේ පද පෙළ

Dathata Walalu Song Lyrics - දෑතට වළලූ ගීතයේ පද පෙළ
Song Title : Dathata Walalu (දෑතට වළලූ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : සී. ද එස්. කුලතිලක
තනුව : සී. ද එස්. කුලතිලක


දෑතට වළලූ මල් මුතු වැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කන ලූ වන් සැණෙකින් මන් පිනවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි //

දෑතට වළලූ මල් මුතු වැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි

උදයට පේළිය සැදීලා
එන සැටි රූබර අඟනෝ
කර වට ගෝමර මල් පිපිලා
ළැම පිට පවලන් පළඳා

බඳේ වැටෙන හිරු තාපය නෙදැනෙද
ළඳේ නුඹට තුරු සෙවණැලි උරණ ද

දෑතට වළලූ මල් මුතු වැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි

හිස වට සේලය දවටාලා
ඉණ වට ඔසරිය ඇඳලා
කුඹුරට සීරුවෙ බැසලා
තරඟෙට සීපද රැව් දීලා

අගේ වඩන රුසිරෙන් සැදි නෙළුමට
රඟේ බලන් සැරසෙන හැටි කදිමට

දෑතට වළලූ මල් මුතු වැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කන ලූ වන් සැණෙකින් මන් පිනවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment