දවසේ වැදගත්කම - අගෝස්තු 12 ජාත්‍යන්තර තරුණ දිනය (Significance Of The Day - August 12 International Youth Day) - Your Choice Way

දවසේ වැදගත්කම - අගෝස්තු 12 ජාත්‍යන්තර තරුණ දිනය (Significance Of The Day - August 12 International Youth Day) - Your Choice Way

ලොව පුරා තාරුණ්‍යයේ ජවය ශක්තිය ලොවට විදා පාන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර තරුණ දිනය අද (අගෝස්තු 12) ට යෙදී තිබේ.

1985 වසරේ සිට සමරනු ලබන ජාත්‍යන්තර තරුණ දිනය මෙවර සමරනු ලබන්නේ 37 වැනි වතාවටයි.

2021 දී තේමාව වී ඇත්තේ ”මානව හා ගෝලීය සෞඛ්‍ය උදෙසා ආහාර පද්ධති පරිවර්තනයට තරුණ ප්‍රජාවේ නවොත්පාදනයන්” යන්නයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා රටවල් රැසක් ජාත්‍යන්තර තරුණ දින තේමාව යථාර්ථයක් කිරීම උදෙසා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.

මානව හා ගෝලීය සෞඛ්‍ය උදෙසා 2030 ගොලීය තිරසර ඉලක්කයන් වෙත ළඟා වීමේ දී තාරුණ්‍යයේ වගකීම පිළිබඳව අද දිනයේ වැඩි අවධානයක් යොමු වනු ඇත.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වෙනුවෙන් ආහාර පද්ධතිවල පවතින බලපෑම සම්බන්ධයෙන් තරුණ තරුණියන් දැනුවත් කිරීම මෙන්ම අනාගත පරපුර ඒ වෙනුවෙන් පෙළ ගැස්සීමට අදාළ වැඩසටහන් රැසක් ලොව පුරා අවධානය යොමු වී තිබේ.

නිර්මාංශ ආහාර රටාවන්ට යොමුවීම ඒ ඔස්සේ දේශගුණික විපර්යාස බලපෑම අවම කිරීම මෙන්ම ඔරොත්තු දීමේ හැකියාව, තාරුණ්‍යයේ ධාරිතා සංවර්ධන වැනි වැදගත් කරුණු කාරණා රැසක් පිළිබඳව ලොව පුරා තාරුණ්‍ය අද දිනයේ සිය අවධානය යොමු කරනු ඇත.

ලොව අන් කිසි දිනෙක අත් නොදුටු වසංගත තත්ත්වයකට මුහුණ දෙන තාරුණ්‍යයට ශක්තිමත්ව හා එඩිතරව හෙට ලොව ජය ගැනීමට හැකි පරිසරයක් උදාවේවා! යන්න නිව්ස්වේව් අපගේ ප්‍රාර්ථනයයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment