Situ Kumariye Song Lyrics - සිටු කුමාරියේ ගීතයේ පද පෙළ

Situ Kumariye Song Lyrics - සිටු කුමාරියේ ගීතයේ පද පෙළ
Song Title : Situ Kumariye (සිටු කුමාරියේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ


සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි
අගහිඟ නරකයි

සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි

කුලී ගෙදර වහල කැඩී සිංහල උළු බිඳී
නිල් තරු එළි හීන රටින් ගලා හැලෙන්නේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ
ඒක කියන්නේ

සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි
අගහිඟ නරකයි

සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි

කණකර අන් සන්තක වී ජීවිත සින්න වී
පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ
ඒක කියන්නේ

සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි
අගහිඟ නරකයි

සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment