Song Title : Pansal Gihin (පන්සල් ගිහිං)
Artist : Pramodya Indee
Lyrics : Anuradha Sigera @anuradhasigera
Melody : Pramodya Indee
Music Composing : Lasith Dimithri @LiveDivineProductions
Mix and master : Lasith Dimithri @LiveDivineProductions
Music Production: Lakindu Srihan Perera
Guitars : Chathuranga Lakmal @niwanam
Backing Vocals : Amandi Caldera
පන්සල් ගිහිං මේ හවාහේ
මල් වැහි වහීදෝ අවාරේ
කාමේ සුමිච්චා චාරාවේ
යාමේ ගෙවේ රෑ හෝරාවේ
පිදුරංගල වැන්දේ
ඉඳුරන් මන බැන්දේ
මා කාශ්‍යප වෙන්නම් මලවී මඩෙලේ සරණා
තිසරු කෙලි මන බඳිනා
සෘන්ගාරේ මන මඩිනා
කියඹු රැලි මුව වඩිනා
නා දල්ලක් තලා
හාදුවෙන් පෙල පෙලා
ලා දෙතොලට සියුම් රිදුම්
දැනුනා
සියුම් සංවේදනා සුසුම්
මුව නැගෙන හැඟෙන දැනෙන
ආලේ හිඳිලා
සුසුම හඬට හැරුනා
තිසරුන් රඟද්දී
සුරත සිරස රැඳුනා
මුව ගිනි නිවද්දී
සුසුම හඬට හැරුනා
තිසරුන් රඟද්දී
සුරත සිරස රැඳුනා
මුව ගිනි නිවද්දී
දා බින්දුවක් ගලා නළල සිඹ සනසවා වා සුළියකි සුසුම් හෙලද්දී
පා සුළැඟිලි පවා නවා
වියරුවෙන් රඟන සයනය මත නිය පැටලී ඉරුනා
මනස වෙහෙස නිවුනා
හැඟුමන් ගලද්දී
ඇදෙස මදෙස බැලුනා
සිහිනෙන් මිදෙද්දී
මනස වෙහෙස නිවුනා
හැඟුමන් ගලද්දී
ඇදෙස මදෙස බැලුනා
සිහිනෙන් මිදෙද්දී
පන්සල් ගිහිං මේ හවාහේ
මල් වැහි වහීදෝ අවාරේ
කාමේ සුමිච්චා චාරාවේ
යාමේ ගෙවේ රෑ හෝරාවේ
පිදුරංගල වැන්දේ
ඉඳුරන් මන බැන්දේ
මා කාශ්‍යප වෙන්නම් මලවී මඩෙලේ සරණා
තිසරු කෙලි මන බඳිනා
සෘන්ගාරේ මන මඩිනා
කියඹු රැලි මුව වඩිනා


0 comments:
Post a Comment