Pansal Gihin Song Lyrics - පන්සල් ගිහිං ගීතයේ පද පෙළ

https://lh3.googleusercontent.com/pw/AP1GczOBLSHPagi4D5-05QtHFvGmzIr_SvMgpICtRf84xqam5NSexeq7DpGNd13IwOvSU81O6qTj6MDzcLhTo_cJ-GmJTTNEvfb3dPg-Jjrc3mkYuIKEnRC3=w2400
Song Title : Pansal Gihin (පන්සල් ගිහිං)
Artist : Pramodya Indee
Lyrics : Anuradha Sigera  ‪‪@anuradhasigera‬
Melody : Pramodya Indee
Music Composing : Lasith Dimithri ‪@LiveDivineProductions‬
Mix and master : Lasith Dimithri ‪@LiveDivineProductions‬
Music Production: Lakindu Srihan Perera
Guitars : Chathuranga Lakmal  ‪‪@niwanam‬
Backing Vocals : Amandi Caldera


පන්සල් ගිහිං මේ හවාහේ
මල් වැහි වහීදෝ අවාරේ
කාමේ සුමිච්චා චාරාවේ
යාමේ ගෙවේ රෑ හෝරාවේ

පිදුරංගල වැන්දේ
ඉඳුරන් මන බැන්දේ

මා කාශ්‍යප වෙන්නම් මලවී මඩෙලේ සරණා
තිසරු කෙලි මන බඳිනා

සෘන්ගාරේ මන මඩිනා
කියඹු රැලි මුව වඩිනා

නා දල්ලක් තලා
හාදුවෙන් පෙල පෙලා
ලා දෙතොලට සියුම් රිදුම්
දැනුනා
සියුම් සංවේදනා සුසුම්
මුව නැගෙන හැඟෙන දැනෙන
ආලේ හිඳිලා 
සුසුම හඬට හැරුනා
තිසරුන් රඟද්දී
සුරත සිරස රැඳුනා
මුව ගිනි නිවද්දී

සුසුම හඬට හැරුනා
තිසරුන් රඟද්දී
සුරත සිරස රැඳුනා
මුව ගිනි නිවද්දී

දා බින්දුවක් ගලා නළල සිඹ සනසවා වා සුළියකි සුසුම් හෙලද්දී
පා සුළැඟිලි පවා නවා
වියරුවෙන් රඟන සයනය මත නිය පැටලී ඉරුනා
මනස වෙහෙස නිවුනා
හැඟුමන් ගලද්දී
ඇදෙස මදෙස බැලුනා
සිහිනෙන් මිදෙද්දී

මනස වෙහෙස නිවුනා
හැඟුමන් ගලද්දී
ඇදෙස මදෙස බැලුනා
සිහිනෙන් මිදෙද්දී

පන්සල් ගිහිං මේ හවාහේ
මල් වැහි වහීදෝ අවාරේ
කාමේ සුමිච්චා චාරාවේ
යාමේ ගෙවේ රෑ හෝරාවේ

පිදුරංගල වැන්දේ
ඉඳුරන් මන බැන්දේ

මා කාශ්‍යප වෙන්නම් මලවී මඩෙලේ සරණා
තිසරු කෙලි මන බඳිනා

සෘන්ගාරේ මන මඩිනා
කියඹු රැලි මුව වඩිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pansal Gihin Song Lyrics - පන්සල් ගිහිං ගීතයේ පද පෙළ Pansal Gihin Song Lyrics - පන්සල් ගිහිං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2026 Rating: 5

0 comments:

Post a Comment