Soya Nogosina Song Lyrics - සොයා නොගොසිණ ගීතයේ පද පෙළ

Soya Nogosina Song Lyrics - සොයා නොගොසිණ ගීතයේ පද පෙළ
Song Title : Soya Nogosina (සොයා නොගොසිණ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ


සොයා නොගොසිණ දමා නගරය
ගයාහිස රමණීය වන ගැබ
භයානක සොර සතුරු බිය පිරි
මේ බිමේ වැඩ සිටී හිමි ඔබ

තාර උණුකර දමා දෙපතුල
දූලි නංවා අනේ ගිණකඳ
කෙසේ විකසිත වේද
ඔබෙ සිරිපා තබන්නට පිපෙණ සියපත

කම්හළේ කළු දුමාරය මැද
තැම්බිලා ගිය ඇටසැකිලි වැද
රංචු ගැහෙනා ගිජු ලිහිණියන්
ගසා කනු දුටුවෝද හිමි සඳ

හඹා දිව එන අඟුල්මල් වන්
වේදනා දුක් ගැහැට අග හිඟ
කෙසේ දමනය වේද ඔබගේ
දෙපා ළඟ බිම දමා ආයුධ

සොයා නොගොසිණ දමා නගරය
ගයාහිස රමණීය වන ගැබ
භයානක සොර සතුරු බිය පිරි
මේ බිමේ වැඩ සිටී හිමි ඔබ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment