Lowe Duka Daka Song Lyrics - ලොවේ දුක දැක ගීතයේ පද පෙළ

Lowe Duka Daka Song Lyrics - ලොවේ දුක දැක ගීතයේ පද පෙළ
Song Title : Lowe Duka Daka (ලොවේ දුක දැක)
ගායනය : විශරද ගුණදාස කපුගේ
පද රචනය : පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව : විශරද ගුණදාස කපුගේ


ලොවේ දුක දැක දයාබර වී
නෙතින් කඳුළක් නොහෙළුවේ නම්
ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළුවී මම්

දුගී දෑතට අත්වැලක් වී
දිරිය සවිබල නොපිරුවේනම්
කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළුවී මම්

ලොවේ දුක දැක දයාබර වී
නෙතින් කඳුළක් නොහෙළුවේ නම්
ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළුවී මම්

මගේ මේ ගී ඔබේ ළයගිනි
නිවනු වෙනුවට අවුළුවානම්
කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළුවී මම්

ලොවේ දුක දැක දයාබර වී
නෙතින් කඳුළක් නොහෙළුවේ නම්
ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළුවී මම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment