DEAR GOD Song Lyrics - ඩියර් ගෝඩ් ගීතයේ පද පෙළ

DEAR GOD Song Lyrics - ඩියර් ගෝඩ් ගීතයේ පද පෙළ
Song Title : ඩියර් ගෝඩ් (DEAR GOD)
Artist : UMARIA
Composed & Produced by : DIM
Lyrics : Manuranga Wijesekara
Mixed & Mastered by : Raaw Studio


පසුවන්නේ මා
කඳුලැල් පුරවා
යුධ ගිනි දැවෙනා
ලෝකය දුටුවා
ගිනිදැල් මැද රඟනා
මිනිසුන් ගැන සිතලා

ස්වර්ගේ තවත් දුරද අපට යන්න
වර්ගේ නසා හැකිද දිනුම ගන්න
තරා තිරම කුමට එකට
යන්න ලෝකෙන් ලෝකේ

ස්වර්ගේ තවත් දුරද අපට යන්න
නොදනිමි දෙවිඳේ
එන්න දෙන්න
දෙවිඳේ දැන් සමාව
දෙන්න එන්න
දෙවිඳේ දැන් සමාව

රුධිරෙන් තෙමෙනා
ලෝහිත ලෝකේ
ගින්නෙන් පන්නර
වෛරය හෘදේ

ලෝහිත ලෝකේ
වෛරය හෘදේ
නැසුවා ප්‍රේමේ
මිහිපිට ලෝකේ

එන්න දෙන්න
දෙවිඳේ දැන් සමාව
දෙන්න එන්න
දෙවිඳේ දැන් සමාව

එන්න දෙන්න
දෙවිඳේ දැන් සමාව
දෙන්න එන්න
දෙවිඳේ දැන් සමාව

හිස්වන්නේ මා
හසරැල් සිඳිලා
පිළියම් සොයලා
වෙහෙසෙන්නේ මා

ගිනිදැල් මැද රඟනා
මිනිසුන් ගැන සිතලා
රුධිරෙන් මතුරා
බිලි පුද සොයනා
මිනිසුන් නොව
උන් තිරිසන් වුවා
නිරයට යන මග
උන් දැන උන්නා
ඒ මග ලෝකය
යැයි වැඳ වැටිලා

ගිනිදැල් ලෝ තලයේ
නිවන්න කල් යන්නේ
ඇවිලෙන තැන් අඳුරේ
නිවන්න කාලය මේ
නිවන්න කාලය මේ

අපේ අතේ
ගැලවියාම අපේ අතේ
නැත පුතේ
පලායාම ඵල
නැතේ, ඵල නැතේ
සටන මේ, අපේ අතේ
වාද භේද ගොඩනඟනා
මිනිසුන් දුටුවා
රාග දේශ බිහිකරනා
පටු තැන් දුටුවා
අහස පොළව දෙදරා
දැන් වෛරය පිපුනා
සරණ සොයා යන
මිනිසුන් අඳුරෙම ගිලුනා

රුධිරෙන් තෙමෙනා
ලෝහිත ලෝකේ
ගින්නෙන් පන්නර
වෛරය හෘදේ

ලෝහිත ලෝකේ
වෛරය හෘදේ
නැසුවා ප්‍රේමේ
මිහිපිට ලෝකේ

එන්න දෙන්න
දෙවිඳේ දැන් සමාව
දෙන්න එන්න
දෙවිඳේ දැන් සමාව

එන්න දෙන්න
දෙවිඳේ දැන් සමාව
දෙන්න එන්න
දෙවිඳේ දැන් සමාව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment