Adare Kiyanna Song Lyrics - ආදරේ කියන්න ගීතයේ පද පෙළ

Adare Kiyanna Song Lyrics - ආදරේ කියන්න ගීතයේ පද පෙළ
Song Title : Adare Kiyanna (ආදරේ කියන්න)
Singer : Dilki Uresha
Lyrics : Yashodha Adhikari
Music : Shakila Dilshan
Teledrama : Lanvee Drama Song (ලංවී- ටෙලි නාට්‍ය) Hiru TV


ආදරේ කියන්න ඉඩක් වූ වොතින්
ආදරේ... කියන්න...
ජීවිතේ සොයන්න හිතක් ආවොතින්
තත්පරේ විදින්න...

යෞවනේ දැනෙන්න... තුන් හිතේ රැදෙන්න...
හිතුමතේ නොවූ ජීවිතේ

අන්තිමේ ... මොකක්ද ...
අන්තිමේ ... මොකක්ද ...

රන් තරුයි ඉරයි හඳයි කතා කියයි අහන්න
මල්වනේ බිගුන් මැදින් සුරන් සොයා සරන්න...

යාලුයේ ඉමක් කොනක් නොවේ කියා හිතන්න...
ආදරේ සුසුම් පවන් ඉතින් හෙලා විදින්න...

යෞවනේ දැනෙන්න... තුන් හිතේ රැදෙන්න...
හිතුමතේ නොවූ ජීවිතේ

අන්තිමේ ... මොකක්ද ...

යෞවනේ රිදුම් කැලුම් සිනාවකින් දකින්න ...
සත් ස්වරේ සුරල් නදින් ගිමන් නිවා ගයන්න ...
සාගරේ රලයි සුලං පෙලයි ...
වගේ බැදෙන්න ...

ප්‍රේමනීය තැන් (පෙම්) ලැගුම් සොයා ගිහින් හිදින්න

යෞවනේ දැනෙන්න... තුන් හිතේ රැදෙන්න...
හිතුමතේ නොවූ ජීවිතේ

අන්තිමේ ... මොකක්ද ...

ආදරේ කියන්න ඉඩක් වූ වොතින්
ආදරේ... කියන්න...
ජීවිතේ සොයන්න හිතක් ආවොතින්
තත්පරේ විදින්න...

යෞවනේ දැනෙන්න... තුන් හිතේ රැදෙන්න...
හිතුමතේ නොවූ ජීවිතේ

අන්තිමේ ... මොකක්ද ...
අන්තිමේ ... මොකක්ද ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment