Sene Sithin Song Lyrics - සෙනේ සිතින් ගීතයේ පද පෙළ

Sene Sithin Song Lyrics - සෙනේ සිතින් ගීතයේ පද පෙළ
Song Title : Sene Sithin (සෙනේ සිතින්)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සෙනේ සිතින්
සැනසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන් //

එකම අහස හිමි කාටත් සෙවණ සැදෙන්නේ
පොළව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
එවන් පොළව මත යුද වැද උරුම සොයන්නේ
තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ

සෙනේ සිතින්
සැනසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන්

බෙදුම් පවුරු සීමා මැද පිල් බැඳ ගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ
ජීවත් වන ටික ඇයි මේ සටන් වදින්නේ

සෙනේ සිතින්
සැනසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන් //

නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන් ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment