Man Mula Wee Para Hoyagena Song Lyrics - මං මුලා වී පාර හොයාගෙන ගීතයේ පද පෙළ

Man Mula Wee Para Hoyagena Song Lyrics - මං මුලා වී පාර හොයාගෙන ගීතයේ පද පෙළ
Song Title : Man Mula Wee Para Hoyagena (මං මුලා වී පාර හොයාගෙන)
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ගුණදාස කපුගේ


මං මුලා වී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක ගෙනි
පාර අසා තිබුණේ //

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයෙ අඩමානය //
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

මං මුලා වී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක ගෙනි
පාර අසා තිබුණේ

අප හමු වුයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි //
අපේ ගමන අද නවතනු හැකි නම්
අප යන ගමනද අද මෙතනින් නිමි

මං මුලා වී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක ගෙනි
පාර අසා තිබුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment