Ahasata Usata Naga Giyata Song Lyrics - අහස උසට නැග ගියාට ගීතයේ පද පෙළ

Ahasata Usata Naga Giyata Song Lyrics - අහස උසට නැග ගියාට ගීතයේ පද පෙළ
Song Title : Ahasata Usata Naga Giyata (අහස උසට නැග ගියාට)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : සමන් ගුණ හේරත්
තනුව : විශාරද ගුණදාස කපුගේ


අහස උසට නැග ගියාට
නැහැනෙ අහසෙ රැඳෙන්නේ
අහසෙ මාලිගා හැදුවට
අපි පොළොවෙයි සිටින්නේ //

ලඹ කැටයේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ //

අහස උසට නැග ගියාට
නැහැනෙ අහසෙ රැඳෙන්නේ
අහසෙ මාලිගා හැදුවට
අපි පොළොවෙයි සිටින්නේ //

සිමෙන්ති කඳුළින් දියකර සත් මහලයි තනන්නේ
පලංචියේ කිරි කිරියයි අපේ දුකට හඬන්නේ //

අහස උසට නැග ගියාට
නැහැනෙ අහසෙ රැඳෙන්නේ
අහසෙ මාලිගා හැදුවට
අපි පොළොවෙයි සිටින්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment