Bodilima Adanne Song Lyrics - බෝදිලිමා අඬන්නේ ගීතයේ පද පෙළ

Bodilima Adanne Song Lyrics - බෝදිලිමා අඬන්නේ ගීතයේ පද පෙළ
Song Title : Bodilima Adanne (බෝදිලිමා අඬන්නේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ


බෝදිලිමා අඬන්නේ බෝගන්දර හිරේ
බෝවෙල දෙවියෝ වඩින්න
බය අරින්න අපේ
බය අරින්න අපේ

විළි රෑනේ දුක දරන්න
හුරු නැති නංගියේ
හූල්ලලා රෑ හුළඟට
ඇඟ හීගඩු පිපේ
බෝවෙල දෙයියෝ බලන්න
වැදුම් ගෙදර රඟේ
වැදුම් ගෙදර රඟේ

කොකුම් නෑව ගම ඉහළට
විලාප හඬ ඇසේ
සඳුන් කුමාරිට පඬුරක්
තියන්න නංගියේ
බෝදිලිමෝ නාඬද්දෙන්
සංසාරෙට බයේ
සංසාරෙට බයේ

බෝදිලිමා අඬන්නේ බෝගන්දර හිරේ
බෝවෙල දෙවියෝ වඩින්න
බය අරින්න අපේ
බය අරින්න අපේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment