Kurullo Bumbe Thalen Song Lyrics - කුරුල්ලෝ නුඹේ තාලෙන් ගීතයේ පද පෙළ

Kurullo Bumbe Thalen Song Lyrics - කුරුල්ලෝ නුඹේ තාලෙන් ගීතයේ පද පෙළ
Song Title : Kurullo Bumbe Thalen (කුරුල්ලෝ නුඹේ තාලෙන්)
ගායනය : මායා දමයන්ති
සංගීතය : අර්නස්ට් සොයිසා
ගී පද : අජන්තා රණසිංහ
"අරලිය මල්" චිත්‍රපටයේ ගීතයක්


කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ //
කියාපන් කුරුල්ලෝ

නෙළුම් මල් නෙළාලා
ගෙලේ මං පළන්දා
කිණ්නරාවි රූපෙන්
බලන් ඉන්නවා දැන්
හීන් බණ්ඩි ගොයමේ
ගිරා නිල් රටාවේ

කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ

ඉහල ගං දිහාවේ
ඇඹුල් පේර මාදං
පොකුරු බර වෙලා දැං
බලන් ඉන්නවාලු
සිංදු ගීත වන්නම්
ඔහේ කිය කියා යං

කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ //
කියාපන් කුරුල්ලෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment