Kawuruth Ennathi Song Lyrics - කවුරුත් එන්නැති ගීතයේ පද පෙළ

Kawuruth Ennathi Song Lyrics - කවුරුත් එන්නැති ගීතයේ පද පෙළ
Song Title : Kawuruth Ennathi (කවුරුත් එන්නැති)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : සමන් අතාවුදහෙට්ටි
තනුව : එච්.එම්. ජයවර්ධන


කවුරුත් එන්නැති
කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

සඳකැන් බොඳවුණු වලා කැදැල්ලේ
තරුකැට අහුරක සිනහා මෝදු කර
කඳුළින් ඉපැදුණු ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

සියොලඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී
උදා ලහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙණයනට කියන්නට
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

කවුරුත් එන්නැති
කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment