Punchi Kale Muhudu Walle Song Lyrics - පුංචි කාලේ මුහුදු වැල්ලේ ගීතයේ පද පෙළ

Punchi Kale Muhudu Walle Song Lyrics - පුංචි කාලේ මුහුදු වැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Punchi Kale Muhudu Walle (පුංචි කාලේ මුහුදු වැල්ලේ)
ගායනය : සිඩ්නි ආටිගල
ගීය නිර්මානයේදී දායක වූවෝ කවුරුන්දැයි සොයාගත නොහැකියි. ගීයේ මුල් ම ගායනය ද සොයාගත නොහැකියි.


පුංචි කාලේ මුහුදු වැල්ලේ
වැලි සෙල්ලම් බත් උයලා

මතකයි ඔබ මට දුන් තාලේ
සුදු නංගි මගෙ සුනිලා //

ඇයි ඔබ මා හා දැන් අමනාපෙන්
පොඩි අයියා විහිළු කළේ
මේ බෝනික්කා ඔබට ගෙනාවේ
අරගන්න ඉතින් ඇයි ඔබ කඳුළු සලන්නේ //

පුංචි කාලේ මුහුදු වැල්ලේ
වැලි සෙල්ලම් බත් උයලා

මතකයි ඔබ මට දුන් තාලේ
සුදු නංගි මගෙ සුනිලා //

නංගිට වෙරළු මසං ජමනාරං
ගෙන එන්නම් පහළ කැලෙන්
ආදර නංගි සුදෝ ඔබ නාඩන්
මා දෙස බලලා ඔය සිඟිති මුවින් හිනැහීයන් //

පුංචි කාලේ මුහුදු වැල්ලේ
වැලි සෙල්ලම් බත් උයලා

මතකයි ඔබ මට දුන් තාලේ
සුදු නංගි මගෙ සුනිලා //


මෙහි ඉහතින් ඇති පද ගීයේ මුල් නිකුත් කිරීමෙන් පසුව කළ ගායනයක වූ පරිද්දෙනි. ඊටත් පසු කලෙක තවදුරටත් වෙනස් කළ ගායනක් හා එහි පද පහතින් දක්වා ඇත.
ගීයේ තනුව 1957 දී ටෝනි බ්‍රෙන්ට් ගැයූ Deep within me නම් ගීයෙන් උපුටා ගෙන ඇත.

මෑත කාලයේ අප වඩාත් අසා ඇති ගීයේ පද

පුංචි කාලේ මුහුදු වැල්ලේ
වැලි සෙල්ලම් බත් උයලා
මතකයි ඔබ මට දුන් තාලේ
බෙලි කට්ටකට බෙදලා //

කෝ අද නම් නෑ ඔබ මේ වැල්ලේ 
තනිවයි මා පසු වන්නේ
කාටද දැන් ඔබ මා පෙම්බරියේ
පෙම් බස් කියමින් කාවද දැන් සනසන්නේ

පුංචි කාලේ මුහුදු වැල්ලේ
වැලි සෙල්ලම් බත් උයලා
මතකයි ඔබ මට දුන් තාලේ
බෙලි කට්ටකට බෙදලා //

ආ ඔබ දැන් නම් සිරිකත වාගේ
ලස්සන වෙන්න ඇති
මේ හාදුව පා කර මුදු සුළඟේ
ඔබ වෙත එවමී
මා හද දිනු සුරතලියේ

පුංචි කාලේ මුහුදු වැල්ලේ
වැලි සෙල්ලම් බත් උයලා
මතකයි ඔබ මට දුන් තාලේ
බෙලි කට්ටකට බෙදලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment