Detholaga Sinaha Song Lyrics - දෙතොළග සිනහා ගීතයේ පද පෙළ

Detholaga Sinaha Song Lyrics - දෙතොළග සිනහා ගීතයේ පද පෙළ
Song Title : Detholaga Sinaha (දෙතොළග සිනහා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ඩබ්. එම්. ටී. බණ්ඩාර
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


දෙතොළග සිනහා
ආදර කැල්මෙන් නැහැවේ
පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ
නුවනග බැලුම් නිහඬව ගැයු ගී රාවේ
මදුරස පිරේ සවනත මී විත යාවේ

දේදුනු දෙබැමේ නැළවෙන සිත සුව යහනේ
මිහිරක් දැනේ හදවත අඩ සඳ පහනේ //

දෙතොළග සිනහා
ආදර කැල්මෙන් නැහැවේ
පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ

ලෝ තූල සදා මිය යන මල් පිපි සෙවනේ
ඔබ මට මදාරා මලකිය පිය ලඳුනේ //

දෙතොළග සිනහා
ආදර කැල්මෙන් නැහැවේ
පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ
නුවනග බැළුම් නිහඬව ගැයු ගී රාවේ
මදුරස පිරේ සවනත මී විත යාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment