Kana Kasba Netha Song Lyrics - කණ කැස්‌බෑ නෙත ගීතයේ පද පෙළ

Kana Kasba Netha Song Lyrics - කණ කැස්‌බෑ නෙත ගීතයේ පද පෙළ
Song Title : Kana Kasba Netha (කණ කැස්‌බෑ නෙත)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


කණ කැස්‌බෑ නෙත බලා හිඳිනවා
අහස දකින්නට විය සිදුරෙන්
පෙරුම් පුරාගෙන අහස බැලූ දා
සඳ නැත අහසේ අමාවකයි //

පියන් වසාලා අගුළු දමා තිබු
දිවි මැඳුරේ කවුළුවක් ඇරී
සඳකැන් සිහිලස ගලා හැලෙන තුරු
බලා උනිමි එය තවත් නැතී

කණ කැස්‌බෑ නෙත බලා හිඳිනවා
අහස දකින්නට විය සිදුරෙන්
පෙරුම් පුරාගෙන අහස බැලූ දා
සඳ නැත අහසේ අමාවකයි

තනිකම ඝනඳුර නොනිමෙන කෙඳුරුම
යළි රජයන්නට වරම් ලැබී
සුපුරුදු උරුමයෙ සුළඟ වැදී යළි
කවුළුව වැසුණා අගුළු වැටී

කණ කැස්‌බෑ නෙත බලා හිඳිනවා
අහස දකින්නට විය සිදුරෙන්
පෙරුම් පුරාගෙන අහස බැලූ දා
සඳ නැත අහසේ අමාවකයි

පෙරුම් පුරාගෙන අහස බැලූ දා
සඳ නැත අහසේ අමාවකයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment