Payana Sanda Gana Monawa Hithannada Song Lyrics - පායන සඳ ගැන මොනව හිතන්නද ගීතයේ පද පෙළ

Payana Sanda Gana Monawa Hithannada Song Lyrics - පායන සඳ ගැන මොනව හිතන්නද ගීතයේ පද පෙළ
Song Title : Payana Sanda Gana Monawa Hithannada (පායන සඳ ගැන මොනව හිතන්නද)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : පුණ්‍යසිරි මහවත්ත
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


පායන සඳ ගැන මොනව හිතන්නද
හිතුවත් ඒ ගැන මොනව කියන්නද
කිව්වත් කිසිවෙකු අහන්නේ නෑ
එයද ආදරය වාගේ //

සිතක සිතුම් එක්තැන් කොට අමුණා
ආදරයේ මහ පොතක් ලියුවෙමි
මේ ලොව නෙතු දස දහසක් ඇති මුත්
කිසිම නෙතක් ඒ දෙස හෙළුවේ නෑ

පායන සඳ ගැන මොනව හිතන්නද
හිතුවත් ඒ ගැන මොනව කියන්නද
කිව්වත් කිසිවෙකු අහන්නේ නෑ
එයද ආදරය වාගේ

ගීපොතකින් මා උපුටා නොගතිම්
මගේම සිතුමන් රසයෙන් එක්කොට
මා හැමදාමත් හඬගා කියනෙම්
ආදරයේ.. මහ පොතක් ලියු බව

පායන සඳ ගැන මොනව හිතන්නද
හිතුවත් ඒ ගැන මොනව කියන්නද
කිව්වත් කිසිවෙකු අහන්නේ නෑ
එයද ආදරය වාගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment