Malak Wage Parissamata Song Lyrics - මලක් වගේ පරිස්සමට ගීතයේ පද පෙළ

Malak Wage Parissamata Song Lyrics - මලක් වගේ පරිස්සමට ගීතයේ පද පෙළ
Song Title : Malak Wage Parissamata (මලක් වගේ පරිස්සමට)
ගායනය : කිංස්ලි පීරිස්
සංගීතය : රොෂාන් ප්‍රනාන්දු


මලක් වගේ පරිස්සමට
නෙලාගන්න බැරි උනාට
හිතේ තියෙන ලෙන්ගතුකම
මැකී යන්නෙ නෑ
දෙනෙත් යටින් නිති බැලුවට
ආල බැලුම් මට හෙලුවට
බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරල නෑ

හිත ඉකිලන රාත්‍රියක
නෙතකඩ එන කඳුළුවලට
හද හඬවන සෙනෙහස නම්
බිහි කරන්න බෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ

මලක් වගේ පරිස්සමට
නෙලාගන්න බැරි උනාට
හිතේ තියෙන ලෙන්ගතුකම
මැකී යන්නෙ නෑ
දෙනෙත් යටින් නිති බැලුවට
ආල බැලුම් මට හෙලුවට
බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරල නෑ

නුඹ නැති දා මංමුලාව
මග වැරදුණු ජීවිතයට
මතු කවදා සතුට අරන්
හිරු නැගෙන්නෙ නෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ

මලක් වගේ පරිස්සමට
නෙලාගන්න බැරි උනාට
හිතේ තියෙන ලෙන්ගතුකම
මැකී යන්නෙ නෑ
දෙනෙත් යටින් නිති බැලුවට
ආල බැලුම් මට හෙලුවට
බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරල නෑ

බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරල නෑ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment