Rataa Thiyala Song Lyrics - රටා තියලා ගීතයේ පද පෙළ

Rataa Thiyala Song Lyrics - රටා තියලා ගීතයේ පද පෙළ
Song Title : Rataa Thiyala (රටා තියලා)
ගායනය : කිංස්ලි පීරිස්


රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ
අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ
තාමත් හැඩිවෙලා මගේ හිත වැළපේ //

නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා
අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා
තුරුනු හිතට තනිකම ගැන දුක හිතුණා

රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ
අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ
තාමත් හැඩිවෙලා මගේ හිත වැළපේ

පණ තර්මට පෙම් කළ උඹ කෝ කියලා
අසයි සරදමට මිනිසුන් ඉඳහිටලා
අපේ මතක රැදවුණු තැන් අතහැරලා
යන්න හිතෙනවා මට ගම රට දාලා

රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ
අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ
තාමත් හැඩිවෙලා මගේ හිත වැළපේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment