Dannawada Mawa Song Lyrics - දන්නවාද මාව ගීතයේ පද පෙළ

Dannawada Mawa Song Lyrics - දන්නවාද මාව ගීතයේ පද පෙළ
Song Title : Dannawada Mawa (දන්නවාද මාව)
Artist : Muthuja Sanahas
Lyrics : Muthuja Sanahas
Melody Composer : Muthuja Sanahas
Music Producer : ‪@DILUBeats‬
Mix and Masterd : ‪@DILUBeats‬
Guitars : Prakash Ranasinghe
Guitars Recording : Prazad Helambage @infinitystudio


කාලෙකට කලියෙන්
නුබෙන් නිවෙනා කෙනෙක් උන්නා
මමත් හොදින් දන්නා
ඇගෙන් පමණක්
හිතින් නිවෙනා

දින නෑ යලිත් එන්නේ
මතක ගානේ නුබව විමසා
නුඹ නෑ ළගින් රැදුනේ
එදා වාගේ මාව සනසා

පෙරදාක උන්නු ආදරී නුඹ
දන්නවාද මාව
දන්නවාද මාව
නුඹ ගාව උන් කෙනාව

මගෙ මතකය නුඹ ගාව
නුඹ ඇයි වෙනකෙකු ගාව
නුඹ නෑ අද මං ගාව
තරු ගානේ මැව් හීන
බිදුනාද මං ගාව

මතක ළග නවතින්නේ නෑ මං ආයේ
නුඹව මට මගෙ වෙන්නෙ නෑ නම් ආයේ

මම උන්නා නුඹේ ළගින්
නුඹේම වී සසරේම
නුඹ උන්නේ මගේ ළගින්
මගේ නොවී හැමදාම

කවදාවත් මගේ නොවනා
නුඹ ළඟ මං ආලේ සොයනා
මං නුඹගෙන් තව නිවෙනා
දිනයක් නෑ යළි පතනා

පෙරදාක උන්නු ආදරී නුඹ 
දන්නවාද මාව
දන්නවාද මාව
නුඹ ගාව උන් කෙනාව

මගෙ මතකය නුඹ ගාව
නුඹ ඇයි වෙනකෙගු ගාව
තරු ගානේ මැව් හීන
බිදුනාද මං ගාව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment