Suparnika Song Lyrics - සුපර්ණිකා ගීතයේ පද පෙළ

Suparnika Song Lyrics - සුපර්ණිකා ගීතයේ පද පෙළ
Song Title : Suparnika (සුපර්ණිකා)
Lyrics : W.D. දුලාංජලි පියුමිකා කුලරත්න (DPK)


මත්ස්‍ය නෙතගින් බලා හොරැහින්
කුඩා අවදියේ කලා සෙල්ලම්
ලංකාද්වීපයේ කුමරියයි නුඹ 
ඉතින් කෙලෙසද මෙලෙස වන්නේ...

කවුද නුඹ හට මෙලෙස කෙරුවේ
කියව නැගණියනි සැමම මා හට
සුපර්ණිකා නුඹ මාගේ නැගණිය
සුපර්ණිකා...//

ලියක් රක්ෂා කරන පුරුෂෙකු
කෙලෙස මේ දේ සිදු කරන්නෙ ද
ඔහුගේ දැඩි ඒ අසිපත් පහරින්
විරූප වූවා මාගේ නැගණිය...

කවුද නුඹ හට මෙලෙස කෙරුවේ
කියව නැගණියනි සැමම මා හට
සුපර්ණිකා නුඹ මාගේ නැගණිය
සුපර්ණිකා...//

වැන්දඹුවක් වූ ඔබගේ දිවියට
පිළිසරණක් වුනේ නුඹව රැකුමට
සමා නොදෙමි මම මේ අපරාදෙට
යුද්ධ කරන්නෙමි මා දිවි පුදකර...

කවුද නුඹ හට මෙලෙස කෙරුවේ
කියව නැගණියනි සැමම මා හට
සුපර්ණිකා නුඹ මාගේ නැගණිය
සුපර්ණිකා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment