Raththaran Heenaye Song Lyrics - රත්තරං හීනයේ ගීතයේ පද පෙළ

Raththaran Heenaye Song Lyrics - රත්තරං හීනයේ ගීතයේ පද පෙළ
Song Title : Raththaran Heenaye (රත්තරං හීනයේ)
ගායනය : මංජුල පුෂ්පකුමාර, උරේෂා රවිහාරි
පතිනි ටෙලි නාට්‍යයෙන්


රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා
ආත්මයෙන් ආත්මයේ රත්තරං මා ඔබේ
සත්‍ය පරමාදරේ සත් පියුම් සුපිපුණා
ජන්මයෙන් ජන්මයේ පතිනියයි මා ඔබේ
රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා

දුර යන්න මට බෑ හැරදා ඔබ මේ වගේ
ළඟ ඉන්න හිමි නෑ සැනහී ඔබ සෙනෙහසින්
ඔබ පෑ සිනහා සිත ළඟයි
ඔබ සුවඳ මා ජීවත් කරයි
ජිවිතේ පරම සැපත ඔබ වේමැයි
මා ඔබේමයි

දඟකාර හැන්දෑ අහසේ තරු නෙතු වසා
මනමාළ ඉඟි පෑ රහසේ හද කළඹවා
තාමත් නෑ මං නම් දන්නේ
බැදුනේ ඇයි දැයි මේ සෙනෙහේ
ඔබ මාගේ ප්‍රාණය හා සම වේමැයි
මා ඔබේමයි

රත්තරං හීනයේ
සත්තකයි මම උන්නා
ආත්මයෙන් ආත්මයේ
පතිනියයි මා ඔබේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment