Thaniwee Sirawee Song Lyrics - තනිවී සිරවී ගීතයේ පද පෙළ

Thaniwee Sirawee Song Lyrics - තනිවී සිරවී ගීතයේ පද පෙළ
Song Title : Thaniwee Sirawee (තනිවී සිරවී)
ගායනය : උමාරියා සිංහවංශ
පද : අන්ජලී (Anjali @ Sky Lyrics Universal)
සංගීතය : රංග දසනායක
සරුංගල් චිත්‍රපටියේ ගීයකි


තනිවී සිරවී පෙරදා වගේ
රිදවා බිඳවා ඇයි ජීවිතේ
දුර යන්න අහසේ වලාවක් වගේ
මට දැනෙන මේ නිදහසේ
මට දැනෙන මේ නිදහසේ

මංමුලාවෙලා දෝ
එන්න ආයෙමත් ජීවිතේ අරඹන්න
උණුහුමක් ඕනෑම දෝ
ඉඩ දෙන්න පාවෙලා දුර යන්න හදවතින් 
නවතින්නෙ මං ගාව දෝ
සරාගී නෙත් වලින් මා තවත් කළඹන්න
බැඳීමක් ඕනෑම දෝ

හංගන්නෙපා ඇස් දෙකේ ඔය වගේ
පුරවාපු ප්‍රේම ආලිංගනා
රඟන්න ඉතින් දැන් රඟමඬල ඔයාගෙයි
ඇඳෙන්න හදවතේ ආරාධනා

තනිවී සිරවී පෙරදා වගේ
රිදවා බිඳවා ඇයි ජීවිතේ
දුර යන්න අහසේ වලාවක් වගේ
මට දැනෙන මේ නිදහසේ
මට දැනෙන මේ නිදහසේ ...//

මට දැනෙන මේ නිදහසේ
මට දැනෙන මේ නිදහසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment