Sobanalu Kolaba Song Lyrics - සෝබනලු කොළඹ ගීතයේ පද පෙළ

Sobanalu Kolaba Song Lyrics - සෝබනලු කොළඹ ගීතයේ පද පෙළ
Song Title : Sobanalu Kolaba (සෝබනලු කොළඹ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1965 දී තිරගතවූ හතර මහා නිධානය චිත්‍රපටියේ ගීයකි.


සෝබනලු කොළඹ මේ ගම හැර යනව ඒ පුරේ //
එහි තියෙනවාලු දියුණු වෙන්න හොඳම මන්තරේ

රස්සාවක්..
හම්බවෙයිද?
මොනවාගෙ ඇත්ද කියල බලමු කොළඹ සුරපුරේ
හරි යයිද මන්ද නැකැත් රාළ කියපු සාත්තරේ

සුර ලෝකෙ කියල ආවෙ වැඩක් සොයා ගන්නටයි
දැන් මේව දැකල මට හිතෙන්නෙ ගෙදර යන්නටයි

අර ඇණුම් බැණුම් විකාරයකි මොකද කොට ගවුම්
නෝන මෝට බයිසිකලෙන් ගසන හැටි රවුම්

මෙහෙ නැත්තෙ මොකද අපේ ගමේ අහංසක පෙනුම
අයියෝ මේකද මේ කොළඹ කිව්වෙ

සුර ලෝකෙ කියල ආවෙ වැඩක් සොයා ගන්නටයි
දැන් මේව දැකල මට හිතෙන්නෙ ගෙදර යන්නටයි
සුර ලෝකෙ කියල ආවෙ වැඩක් සොයා ගන්නටයි

බඩු භාගෙ රාත්තලට තිරති තරාදිය හොරයි
තඹ පිත්තල මුදු මාල රත්තරන්ය කියල දෙයි

කන්තෝරුවෙ වැඩ වෙලාවෙ රේස් පොත බලයි
කොහෙ බැලුවත් හොර බුකියයි හොර සුරා පොළයි

මේක කොළඹ නම් දෙයියනෙ අපේ ගම හොඳයි
මේවගෙ අයමද කොළඹ ඉන්නෙ

දැන් මේව දැකල මට හිතෙන්නෙ ගෙදර යන්නටයි
සුර ලෝකෙ කියල ආවෙ වැඩක් සොයා ගන්නටයි
දැන් මේව දැකල මට හිතෙන්නෙ ගෙදර යන්නටයි
දැන් මේව දැකල මට හිතෙන්නෙ ගෙදර යන්නටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment