Asaranaya Dugi Song Lyrics - අසරණයා දුගී ගීතයේ පද පෙළ

Asaranaya Dugi Song Lyrics - අසරණයා දුගී ගීතයේ පද පෙළ
Song Title : Asaranaya Dugi (අසරණයා දුගී)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1965 දී තිරගතවූ හතර මහා නිධානය චිත්‍රපටියේ ගීයකි.


අසරණයා දුගී
දුකින් නොම කා නොබී
එදා වේල ගෙවන්නේ
කවුරුන්ද බලන්නේ

අසරණයා දුගී
දුකින් නොම කා නොබී
එදා වේල ගෙවන්නේ
කවුරුන්ද බලන්නේ

ධනපතියෝ ඇතී
ටිකක් සොයලා බලා
ඇයි පිහිට නොවන්නේ
මොනවාද කරන්නේ

හංහ්.. හහ් හහ්

මේ වාගේ පොඩි දරුවන් කොපමණ ඇත්දෝ
අනාගතේ මේ විදියට කොහොමට වෙත්දෝ //

අනුකම්පා හා කරුණා මෛත්‍රී දයා
සමාජයෙන් මම අසවෙමි කොයිදෝ කියා

අසරණයා දුගී
දුකින් නොම කා නොබී
එදා වේල ගෙවන්නේ
කවුරුන්ද බලන්නේ

ධනපතියෝ ඇතී
ටිකක් සොයලා බලා
ඇයි පිහිට නොවන්නේ
මොනවාද කරන්නේ

හංහ්.. හහ් හහ් හහ්

මේ වාගේ පොඩි දරුවන් කොපමණ ඇත්දෝ
අනාගතේ මේ විදියට කොහොමට වෙත්දෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment