Pem Kurullo Sara Sina Loke Song Lyrics - පෙම් කුරුල්ලෝ සරා සීන ලෝකේ ගීතයේ පද පෙළ

Pem Kurullo Sara Sina Loke Song Lyrics - පෙම් කුරුල්ලෝ සරා සීන ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Pem Kurullo Sara Sina Loke (පෙම් කුරුල්ලෝ සරා සීන ලෝකේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


පෙම් කුරුල්ලෝ සරා සීන ලෝකේ
කෝල රූප නාරිලතා කැන්දලා
මුව පුරා හිනහිලා
තුරුලු වී නැළවිලා
පෙම් කැදැල්ලේ ලැගුම් ගන්නවා //

සඳේ සීන විමානේදි ගයා මිහිරි නුරා ගීත
අපේ ආල හැගුම් ළංවෙලා
ලඳේ එන්න ළඟින් ඉන්න ප්‍රියේ දෙන්න ඔබේ දෑත
කියයි ආල හැගුම් මත්වෙලා
ලියා පුංචි ලියුම් කෑලි අතේ උණ්ඩි කරාවී
අකුරු මෙහෙම ලියාලා තියේවී
ලඳේ එන්න ළඟින් ඉන්න ප්‍රියේ දෙන්න ඔබේ දෑත
අපේ ආල හැගුම් මත්වෙලා

පෙම් කුරුල්ලෝ සරා සීන ලෝකේ
කෝල රූප නාරිලතා කැන්දලා
මුව පුරා හිනහිලා
තුරුලු වී නැළවිලා
පෙම් කැදැල්ලේ ලැගුම් ගන්නවා

කුරුල්ලන්ට ඉගිල්ලෙන්න කියා දෙන්න එපා එන්න
පියාඹන්න අපිත් දන්නවා
යාළු වෙන්න ජෝඩු වෙන්න සිනාසෙන්න පෙම් කරන්න
මල්සරාව අපිත් දන්නවා
ඔයා ඒද අද නො ඒද මඟ බලාන ඉන්නවා
දුරස් වෙන්නෙපා පෙම් කුමාරී
කුරුල්ලන්ට ඉගිල්ලෙන්න කියා දෙන්න එපා එන්න
මල්සරාව අපිත් දන්නවා

පෙම් කුරුල්ලෝ සරා සීන ලෝකේ
කෝල රූප නාරිලතා කැන්දලා
මුව පුරා හිනහිලා
තුරුලු වී නැළවිලා
පෙම් කැදැල්ලේ ලැගුම් ගන්නවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment