Mama Tuwarist Kenek Song Lyrics - මම ටුවරිස්ට් කෙනෙක් ගීතයේ පද පෙළ

Mama Tuwarist Kenek Song Lyrics - මම ටුවරිස්ට් කෙනෙක් ගීතයේ පද පෙළ
Song Title : Mama Tuwarist Kenek (මම ටුවරිස්ට් කෙනෙක්)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


මම ටුවරිස්ට් කෙනෙක් අයිසෙ
ආවෙ ඇෆ්‍රිකාවෙ ඉඳලා
ශ්‍රී ලංකා දීපේ ගැන
අහල මට ආස හිතිලා
දැන් ඉන්නෙ මීගමුවේ හෝටලේක පදිංචි වෙලා
මුළු ලෝකෙම ලස්සණ රට දැක ගත්තෙ මෙහෙ ඇවිල්ලා

රතු නොම්මරෙ ගහලා තියෙන හයරිං කාරෙකක නැගිලා
ගියා නුවරඑළිය පැත්තෙ කඳුරට නරඹන්න කියලා
මයි ගෝඩ් බියුටිෆුල් දුන්හිඳ ඇල්ල දැකලා
වෙරි හැපී වෙරි හැපී තේ දළු නෙළනවා දැකලා

මම ටුවරිස්ට් කෙනෙක් අයිසෙ
ආවෙ ඇෆ්‍රිකාවෙ ඉඳලා
ශ්‍රී ලංකා දීපේ ගැන
අහල මට ආස හිතිලා
දැන් ඉන්නෙ මීගමුවේ හෝටලේක පදිංචි වෙලා
මුළු ලෝකෙම ලස්සණ රට දැක ගත්තෙ මෙහෙ ඇවිල්ලා

සීගිරියෙ බිතු සිතුවම් බැලුවා මුදුනටම නැගල
වොන්ඩර්ෆුල් වොන්ඩර්ෆුල් අනුරාධපුරෙ ගිහිල්ලා
මාවලස් මාවලස් යෝධයන්ගෙ වැඩ පෙනීලා
පිපාසෙ මං නිවා ගත්තෙ කින්ග් කොකනට් දෙකක් බීලා

මම ටුවරිස්ට් කෙනෙක් අයිසෙ
ආවෙ ඇෆ්‍රිකාවෙ ඉඳලා
ශ්‍රී ලංකා දීපේ ගැන
අහල මට ආස හිතිලා
දැන් ඉන්නෙ මීගමුවේ හෝටලේක පදිංචි වෙලා
මුළු ලෝකෙම ලස්සණ රට දැක ගත්තෙ මෙහෙ ඇවිල්ලා

ලංකාව වට කරගෙන මහා සාගරේ පිරීලා
මූදු වෙරළෙ අව්ව තැපලා සී බාත් එකක් දාලා
එන ගමන හරි ලස්සණ පොප් මියුසික් එකක් ඇහිල
සින්දු දෙකක් කියන්නද මං අහුලා ගත්ත මෙහෙ ඇවිල්ලා

මම ටුවරිස්ට් කෙනෙක් අයිසෙ
ආවෙ ඇෆ්‍රිකාවෙ ඉඳලා
ශ්‍රී ලංකා දීපේ ගැන
අහල මට ආස හිතිලා
දැන් ඉන්නෙ මීගමුවේ හෝටලේක පදිංචි වෙලා
මුළු ලෝකෙම ලස්සණ රට දැක ගත්තෙ මෙහෙ ඇවිල්ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment