Muhude Pathule Kimidi Song Lyrics - මුහුදේ පතුලේ කිමිදී ගීතයේ පද පෙළ

Muhude Pathule Kimidi Song Lyrics - මුහුදේ පතුලේ කිමිදී ගීතයේ පද පෙළ
Song Title : Muhude Pathule Kimidi (මුහුදේ පතුලේ කිමිදී)
ගායනය : මොහිදීන් බෙග් සහ රුක්මනී දේවි
පද : සරත් ආනන්ද විමලවීර
සංගීතය : බී.එස්. පෙරේරා
1955 දී තිරගතවූ පෙරකදෝරු බෑණා චිත්‍රපටියේ  ගීයකි.ගීයේ සංගීතය නිර්මානය කිරීමේදී, "ඇනා" ඉතාලියානු චිත්‍රපටියේ ඇතුළත් වූ "El Negro Zumbón" නම් ගීයේ ආභාෂය ලබා ඇති බව පෙනී යයි. Alberto Lattuada අධ්‍යක්ෂණය කළ ඇනා ඉතාලියානු චිත්‍රපටිය තිරයේ දිගහැරුණේ 1951 දී. එහි ගී අතිශය ජනප්‍රිය වුණා. Silvana Mangano මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය සිනමා පටියේ රඟමින් ගයන "El Negro Zumbón" යන ගීයට හඬ මුසු කළේ, Flo Sandon. තොරතුරු සොයා යාමට මා පෙළඹවූයේ, මහාචාර් සුනිල් ආරියරත්න ඇදුරුතුමන්ගේ "ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය" කෘතියයි.


මුහුදේ පතුලේ කිමිදී
මුතු කැට ගෙන එමි සොඳුරී
අහසේ තරු හා බඳිමී
හොඳ මාලයකට ගොතමී //

මා හද ගලවාලා ඉල්ලන්නෙහි ඔබ ඔව් එය පලා දෙමී
සුදු වලාකුළක් ඇද ඔබේ සිඟිති ඉණ වටා ජයට ඔතමී //

සිහිනෙන්වත් මා හැරදා
නොයන්න රන්කඳ මගේ සුදා //
ගංගා හා යමුනා සේ ළං ළං වේවා //

මුහුදේ පතුලේ කිමිදී
මුතු කැට ගෙන එමි සොඳුරී
අහසේ තරු හා බඳිමී
හොඳ මාලයකට ගොතමී //

රූ රැජිණ වුවද මට ඔබ හැර කුමටද ඔබයි මගේ රාණී
මා ඔබේය යළි ඔබ මගේය
එනිසා සදා සැපත විඳිමී

සිහිනෙන්වත් මා හැරදා
නොයන්න රන්කඳ මගේ සුදා //
ගංගා හා යමුනා සේ ළං ළං වේවා //

ආලේ නිසා
ජීවේ පුදා
සාමේ සදා
සුව විඳිමු විඳිමු සැමදා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment