Pun Sanda Hinahenne Song Lyrics - පුන් සඳ හිනැහෙන්නේ ගීතයේ පද පෙළ

Pun Sanda Hinahenne Song Lyrics - පුන් සඳ හිනැහෙන්නේ ගීතයේ පද පෙළ

Pun Sanda Hinahenne Song Lyrics - පුන් සඳ හිනැහෙන්නේ ගීතයේ පද පෙළ
Song Title : Pun Sanda Hinahenne (පුන් සඳ හිනැහෙන්නේ)
ගායනය : රුක්මණී දේවි සමග සී.ටී. ප්‍රනාන්දු
පද : විමලදාස පෙරේරා
තනුව : සී.ටී. ප්‍රනාන්දු


පුන් සඳ හිනැහෙන්නේ
වන මල් පිබිදෙන්නේ
ලස්සණ ඔබෙ මුහුණේ
දැක්කම නොවැ මැණිකේ

කොයිබද ඔබ යන්නේ මේ උදයෙම අපෙ ලන්දේ
මගෙ පැල්පත පැත්තේ
ඔබ සම්පත ගෙන එන්නේ

වසන්ත සමයෙදි ඔබ ළඟ ඉඳගෙන
මිහිරට කවි කියමී
සමන් කැකුළු මල් පොකුරක් අරගෙන
ඔබේ හිසේ ගසමී

ඔබ නිදියන තුරු පැල තුළ ඉඳගෙන
නැළවිලි ගී ගයමී
උදය සවස මම ඔබෙ පා යුග හිමියනි සැමදා වඳිමී

පුන් සඳ හිනැහෙන්නේ
වන මල් පිබිදෙන්නේ
ලස්සණ ඔබෙ මුහුණේ
දැක්කම නොවැ මැණිකේ

කොයිබද ඔබ යන්නේ මේ උදයෙම අලෙ ලන්දේ
මගෙ පැල්පත පැත්තේ
ඔබ සම්පත ගෙන එන්නේ

නිල් දිය බැස යන ගංගාවේ මම
ඔබ හා ඔරු පදිමී
සඳ ඇති කාලෙට ඔබෙ සුදු අත ගෙන
ගං තෙර වෙත දුවමී

පලතුරු යුෂ ගෙන මීපැණි දවටා
රසකර එය පොවමී
කුඹුරට යන්නට පෙර බත ඇඹුල ද
සාදා ඔබට දෙමී

පුන් සඳ හිනැහෙන්නේ
වන මල් පිබිදෙන්නේ
නිල් දිය බැස යන්නේ
ආසිරි පුදදෙන්නේ
මොණරුන් රඟදෙන්නේ
පොඩි කුරුලන් නද දෙන්නේ
අප දෙස බලමින්නේ
උන් හැමදෙන සැනසෙන්නේ

ආ ආ ආ.... ආ ආ ආ....
ආ ආ ආ ආ.... ආ ආ ආ ආ....

ආ ආ ආ.... ආ ආ ආ....
ආ ආ ආ ආ.... ආ ආ ආ ආ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment