Kowulange Mihiri Sangithe Song Lyrics - කොවුලන්ගේ මිහිරී සංගීතේ ගීතයේ පද පෙළ

Kowulange Mihiri Sangithe Song Lyrics - කොවුලන්ගේ මිහිරී සංගීතේ ගීතයේ පද පෙළ
Song Title : Kowulange Mihiri Sangithe (කොවුලන්ගේ මිහිරී සංගීතේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : සරත් විමලවීර
තනුව : සී.ටී. ප්‍රනාන්දු
සංගීතය : එම්.කේ. රොක්සාමි
1968 දී මෙම ගීය His Master's Voice ලේබලයෙන් EP තැටියකට නැගුණි.


කොවුලන්ගේ මිහිරී සංගීතේ
වන රොදින් නැංවේ සැන්දෑවේ
කඳුරට නිල්වන් ගම්මානේ
දිනේ දිලේ සදා ලෝකේ

ගී රාවේ ගැමි දරුවන්ගේ
ගම්මානේ අහසට නැංවේ
දොළ පාරේ සීල දිය දහරේ
හෙමින් හෙමින් ඇදී එන්නේ

සීනේ වගේ සේයා මැවේ
වෙල් යායේ විල් තීරෙ සැන්දෑවෙ මේ
සෝබා දිලේ අහසේ නිලේ
නැළවෙන්නේ ඕලු විලේ

කොවුලන්ගේ මිහිරී සංගීතේ
වන රොදින් නැංවේ සැන්දෑවේ
කඳුරට නිල්වන් ගම්මානේ
දිනේ දිලේ සදා ලෝකේ

ගී රාවේ ගැමි දරුවන්ගේ
ගම්මානේ අහසට නැංවේ
දොළ පාරේ සීල දිය දහරේ
හෙමින් හෙමින් ඇදී එන්නේ

මල මල සිඹ ඒ
මල මල සිඹ ඒ ගුමු ගුමු නාදේ
මී මැස්සන් රොන් ගන්නා වෙලේ
සමනල නඩයේ සුලලිත තාලේ
පිනවන්නේ හද මා මේ යාමේ

සීනේ වගේ සේයා මැවේ
වෙල් යායේ විල් තීරෙ සැන්දෑවෙ මේ
සෝබා දිලේ අහසේ නිලේ
නැළවෙන්නේ ඕලු විලේ

කොවුලන්ගේ මිහිරී සංගීතේ
වන රොදින් නැංවේ සැන්දෑවේ
කඳුරට නිල්වන් ගම්මානේ
දිනේ දිලේ සදා ලෝකේ

ගී රාවේ ගැමි දරුවන්ගේ
ගම්මානේ අහසට නැංවේ
දොළ පාරේ සීල දිය දහරේ
හෙමින් හෙමින් ඇදී එන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment