Bara Bage Song Lyrics - බර බාගේ ගීතයේ පද පෙළ

Bara Bage Song Lyrics - බර බාගේ ගීතයේ පද පෙළ
Song Title : Bara Bage (බර බාගේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : ආර්.එන්.එච්. පෙරේරා
තනුව : බී.එස්. පෙරේරා
1968 දී මෙම ගීය EP තැටියකට නැගුණි. ග්‍රැමෆෝන් තැටියකට නැගුණේ 1952 දී His Master's Voice ලේබලයෙනි.


තණ්ඩලේ ... දෙන්නා දෙපොලේ ... දක්කනවා .... කටුකැලේ ....

බර බාගේ බර බාගේ //
දුටුවේ සිහිවේ පෙර කාලේ

අර කිණි කිණි නද වැල පැතිරෙනවා
ගව කුර හඬ මුසු වෙනවා //

රෑ මැද කාලේ සීපද තාලේ //
අඩනින්දේ පතුරන්නේ
රාළ ද ගෝනි පඩංගුවෙ ඉන්නේ
සතුටිනි ගැල පදවන්නේ
බර බාගේ බර බාගේ //

ගෝනි පුරා බඩු බාගෙ දමාලා //
රෑ කල ඈත බලාලා

ගාලෙ ලිහා ගොනුගේ කුසයේ ගිණි
නිවමිනි උදය කලා //

බර බාගේ බර බාගේ //
දුටුවේ සිහිවේ පෙර කාලේ
අර කිණි කිණි නද වැල පැතිරෙනවා
ගව කුර හඬ මුසු වෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment