Onchili Chili Chilla Male Song Lyrics - ඔන්චිලි චිලි චිල්ල මලේ ගීතයේ පද පෙළ

Onchili Chili Chilla Male Song Lyrics - ඔන්චිලි චිලි චිල්ල මලේ ගීතයේ පද පෙළ
Song Title : Onchili Chili Chilla Male (ඔන්චිලි චිලි චිල්ල මලේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සී.ටී. ප්‍රනාන්දු
සංගීතය : එම්.කේ. රොක්සාමි
1968 දී මෙම ගීය His Master's Voice ලේබලයෙන් EP තැටියකට නැගුණි.


ඔන්චිලි චිලි චිල්ල මලේ ඔන්චිල්ලාවේ
වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැලෑවේ //

ඔන්චිලි චිලි චිල්ල මලේ ඔන්චිල්ලාවේ
වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැලෑවේ //

පේර දොඩම් පැණි රඹුටන් හිඹටු ඉදෙන්නේ
ලේනො ගිරව් රිලා පැටව් ඒව සොයන්නේ
කුරුලු කෙබෙයි කිචි බිචි ගා මුකුළු කරන්නේ
සුරංගනා ලෝකෙද මේ පුංචි ළමුන්නේ

ඔන්චිලි චිලි චිල්ල මලේ ඔන්චිල්ලාවේ
වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැලෑවේ //

ඈත එහා මූදෙ ඔරූ පාරු ඇදෙන්නේ
වැල්ල පුරා රැළ්ල ගලා බෙල්ලො දිළෙන්නේ
මාළු පැටව් කැරළි ගැසී පෙරළි කරන්නේ
වෙරළෙ තමයි පුංචි ළමයි ගෙවල් තනන්නේ

ඔන්චිලි චිලි චිල්ල මලේ ඔන්චිල්ලාවේ
වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැලෑවේ //

වනන්තරේ අනන්ථ වූ මල් පිබිදෙන්නේ
හෙමින් සැරේ සුරංගනාවන් මෙහි එන්නේ
මල් සිඹලා සුවඳ උලා පාට දමන්නේ
මොකද අනේ ඔවුන් අපට හාදු නොදෙන්නේ

ඔන්චිලි චිලි චිල්ල මලේ ඔන්චිල්ලාවේ
වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැලෑවේ //

ඔන්චිලි චිලි චිල්ල මලේ ඔන්චිල්ලාවේ
වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැලෑවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment