Berena Pani Bidu Song Lyrics - බේරෙන පැණි බිඳු ගීතයේ පද පෙළ

Berena Pani Bidu Song Lyrics - බේරෙන පැණි බිඳු ගීතයේ පද පෙළ
Song Title : Berena Pani Bidu (බේරෙන පැණි බිඳු)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : සුසිල් සේනාධීර
තනුව : සී.ටී. ප්‍රනාන්දු
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය


බේරෙන පැණි බිඳු
රස මී වද බඳු
පැණි රඹුටන් ගස් ගානේ
ලේනුන් ගිරවුන්
පලවා හරිමින්
ටකය බැඳෙන මල්වානේ

කුමරිය ඔබ මා දිණූ ගමයි
මා සතු වස්තුව ඔබම තමයි //

රුපු බිය වද්දන
පෙර ජයවද්ධන
පුරයයි ඈත පෙනෙන්නේ
කැලණියෙ බෝ පත්
පිස එන සුළඟින්
ඔබ සිල් සුවඳ ලබන්නේ

මිණි මුතු වනමල් දිවා රැයේ
ඔබ පින්බරියකි කුමාරියේ //

බේරෙන පැණි බිඳු
රස මී වද බඳු
පැණි රඹුටන් ගස් ගානේ
ලේනුන් ගිරවුන්
පලවා හරිමින්
ටකය බැඳෙන මල්වානේ

කුමරිය ඔබ මා දිණූ ගමයි
මා සතු වස්තුව ඔබම තමයි

ගොයම් කපද්දී
පුරන් කොටද්දී
කුඹුරට බැස යන ගොවියෝ
කැවිලි පෙවිලි බත බුලත රැගෙන එන
නාඹර ඒ ගම් දැරියෝ

ලන මෙන් දෙසවන අම බින්දූ
ගයතී සීපද කවි සින්දූ //

බේරෙන පැණි බිඳු
රස මී වද බඳු
පැණි රඹුටන් ගස් ගානේ
ලේනුන් ගිරවුන්
පලවා හරිමින්
ටකය බැඳෙන මල්වානේ

ලේනුන් ගිරවුන්
පලවා හරිමින්
ටකය බැඳෙන මල්වානේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment