Pita Rata Nona Song Lyrics - පිට රට නෝනා ගීතයේ පද පෙළ

Pita Rata Nona Song Lyrics - පිට රට නෝනා ගීතයේ පද පෙළ
Song Title : Pita Rata Nona (පිට රට නෝනා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


පිට රට නෝනා කෙනෙක්
සංචාරෙ ආපු කෙනෙක්
මූදු වෙරළෙදි මුණගැහුණා
ලංකාවට කැමති කෙනෙක්
රට බලන්න ආස කෙනෙක්
ගමන යන්න මම එකතු වුණා

ආතර් අයියගෙ කාර් එකට
කුලිය ගෙව්වා හයර් එකට
ගමන අපේ මුළු සතිය පුරා
රට තොට දැනගන්නට
විස්තර අහගන්නට
ආතර් අයිය නියම රියදුරා

අපෙ රට ලස්සණලූ හරි ලස්සණලූ
මෙහෙ පදිංචි වෙන්නට මෙහි ඉන්නට හිතලූ //

බටලීයෙදි දුන්නා කජූ
දැකලා පියවතී ලඳූ
නුවර ගියෙ කඩුගන්නාවේ

විස්තර කියන අතර
පෙන්නුවා දළදා මැදුර
සුදු නෝනා හරි සන්තෝසෙන්

දුන්හිඳ දිය ඇල්ලයි
තේ දළු නෙළන ලඳයි
කන්ද උඩරටේ සිරියාවයි

සීතල දේස ගුණේ
යුරෝපෙ වාගෙ දැනෙයි
සැමගේ ගත සිත පිනවයි

අපෙ රට ලස්සණලූ හරි ලස්සණලූ
මෙහෙ පදිංචි වෙන්නට මෙහි ඉන්නට හිතලූ //

සඳකඩ පහන දැකලා
රුවන්වැලි සෑය බලලා
රජරට අනුරාධපුරේ

මිස්සක පව්ව නැගලා
දඹුලු විහාරෙ වැඳලා
මම කියාලා දුන්න විස්තරේ

සීගිරි සෙවණෙ ඉඳන්
නැරඹුව බිතු සිතුවම්
කාෂ්‍යප රජු මතක්වුණා

ත්‍රීකුණාමලේදි නම්
දැකලා උණු දිය ළිං
තව බලන්න කාලෙ මදිවුණා

අපෙ රට ලස්සණලූ හරි ලස්සණලූ
මෙහෙ පදිංචි වෙන්නට මෙහි ඉන්නට හිතලූ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment