Jeevithe Fun Thama Song Lyrics - ජීවිතේ ෆන් තමා ගීතයේ පද පෙළ

Jeevithe Fun Thama Song Lyrics - ජීවිතේ ෆන් තමා ගීතයේ පද පෙළ
Song Title : Jeevithe Fun Thama (ජීවිතේ ෆන් තමා)
Artist : Chillie Thilanka
Director : Prasad Kalupahana
Music : Kasun Polgampala
Lyrics : Sudesh Attanayake
Mixed & Mastered : Kasun Polgampala @ MOMO Music Records
Music Label : Desawana Music
Edit & Color : Nishan B
Dop : Irushka Bogoda
Production : Ela Idea Creations
MUA : Supun Stainwall


ජීවිතේ වැරදිලා දුකම විතරක් වෙලා
හැමදේම අතෑරලා ඉන්නෙ ඇයි හ​ඬ හ​ඬා
ඉන්නෙ ටික කල් නිසා හැම දේම ඉවසලා
වැටි වැටී නැගිටලා මේ ජීවිතේ විදපන් මචා

ආ..දරේ කරපන් හොඳට හිතලා
මේ ජී...විතේ විපන් හිනා වීලා
කවදා යයි දේ අපි දන්නෑ නෙ මැරිලා
ඉන්න කල් විදිනවා මේ ජීවිතේ ෆන් තමා

ආදරේ වැරදිලා නම් මොකද දුක් වෙලා
හොඳ කෙනෙක් හොය හොයා යන්න හමු වෙයි එයා
වෙදනාවෙන් තමා හිත් යන්නෙ පෑරිලා
සෙට් වෙලා ඇවිදලා ඉන්න අමතක වෙයි එයා

නොගැලපෙන දේ තමා
යන්නෙ ගැලවී නිසා
මොකද ඒ දේ එක්ක දුක් වෙන්නෙ හිත හිතා
ආ..දරේ කරපන් හොඳට හිතලා
මේ ජී...විතේ විපන් හිනා වීලා

නැතිම දේ ගැන හිතා තැවි තැවි ඉන් එපා
තියන දේ එක්කලා ඉන්න හැකි හිනහිලා
බොරු ගොතා කිය කියා එකිනෙකා කොටවලා
ඉන්නෙපා හිනැහිලා යනවමයි කෙලවිලා

වැඩිහිටියො එක්කලා 
විහිළු තහළුත් එපා
ගරු කලම යුතු තැනට​ ගරු කරමු බොක්කලා
ආ..දරේ කරපන් හොඳට හිතලා
මේ ජී...විතේ විපන් හිනා වීලා

ජීවිතේ වැරදිලා දුකම විතරක් වෙලා
හැමදේම අතෑරලා ඉන්නෙ ඇයි හ​ඬ හ​ඬා
ඉන්නෙ ටික කල් නිසා හැම දේම ඉවසලා
වැටි වැටී නැගිටලා මේ ජීවිතේ විදපන් මචා

ආ..දරේ කරපන් හොඳට හිතලා
මේ ජී...විතේ විපන් හිනා වීලා
කවදා යයි දේ අපි දන්නෑ නෙ මැරිලා
ඉන්න කල් විදිනවා මේ ජීවිතේ ෆන් තමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment