Mada Sitha Nala Ralla Song Lyrics - මද සීත නල රැල්ල ගීතයේ පද පෙළ

Mada Sitha Nala Ralla Song Lyrics - මද සීත නල රැල්ල ගීතයේ පද පෙළ
Song Title : Mada Sitha Nala Ralla (මද සීත නල රැල්ල)
ගායනය : රූකාන්ත ගුණතිලක මහත්මා සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය
පද රචනය : මානෙල් පෙරේරා
සංගීතය : ආර්. මුත්තුසාමි මහත්මා
වහල් දූපත චිත්‍රපටියේ එන ගීයකි.
මෙහි මුල් ගායනය සරත් සන්දනායක මහත්මා සහ දයා හේමන්තා අබේසේකර මහත්මිය ගෙනි.


මද සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

සුදු සේල මිහිදුම් අහසින් නැඟී
නිල් ලෝකයේ එලිය නොපෙනී වෙලී
මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
ඔබ මාගෙ ජීවේ සදා

ඔය බැල්ම දෙන කැල්ම

මගේ දෑස ඔබ ගන්න ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ
ලොව මීර නරඹන්න මධු මීර රස බොන්න
ඔබ මාගෙ ජීවේ සදා

මද සීත නල රැල්ල
ඔය බැල්ම දෙන කැල්ම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment