Ambare Thamba Paha Song Lyrics - අඹරේ තඹ පැහැ ගීතයේ පද පෙළ

Ambare Thamba Paha Song Lyrics - අඹරේ තඹ පැහැ ගීතයේ පද පෙළ
Song Title : Ambare Thamba Paha (අඹරේ තඹ පැහැ)
ගායනය : ක්‍රිස්ටි ද මෙල් සහ රුක්මනි දේවී
පද : පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය : සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.


අඹරේ තඹ පැහැ රැස් රැළි නැගිලා
පෙරදිග ගුවන දිලේ සරා //

මී මැසි කෝකිල ගී රැව් දෙනවා
සිරි දින මෙලෙසින වේ උදා //

පොඩි අයියා පොඩි අයියා මෙහෙ එන්න
ඇයි නංගී?
අයියා මට ඩ්‍රිල් කරන්න උදව් වෙන්න

පාසැල දේ රමණී දහමේ //
ඥානය දේ ගුණ දම් පැහැදේ //
මේ සරඹේ කදිමයි ප්‍රියවේ //
සකල ශරීරය සැපවත් වේ

පාසැල් යාමෙන් දින දින ලබනා
ගුණ නැණ නිතියෙන පිළිපදිනා //

සිත කය වෙහෙසා සරඹ ද ඉගෙනා (හා හහ හහ් හහ් හා... හඅඅඅ අඅ ආ... හාඅඅ අඅ අඅ අඅ අඅ ආ...)
සකල ශරීරය පිනවමිනා //
(හා හහ හහ් හහ් හා... හඅඅඅ අඅ ආ... හාඅඅ අඅ අඅ අඅ අඅ ආ...)

හා හහ හා හහ හා හහ හා (හා හහ හා හහ හා හහ හා)

ප්‍රීතිය වේ ගී ගයා උදයේ
නිරතුරු පියකරු සුව සැප ගෙනදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment