බූන්දි හදමු (Bundi Hadamu)

බූන්දි හදමු (Bundi Hadamu) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට ගෙනාවෙ පොඩිත්තො වගේම අපේ වැඩිහිටියනුත් ගොඩාක් ම ආස කරන බූන්දි 😍 මේක හදා ගන්න ගොඩාක් පහසුයි , ඒවගේම රස කදිමයි .ඉතිං ඔයාලත් හදලා බලන්න 😊 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 💚 පාන්පිටි කෝප්ප 2 ක්
  • 💚 යීස්ට් තේ හැඳි 1/2 ක්
  • 💚 ලුණු තේ හැඳි 1/2 ක්
  • 💚 ආහාර වර්ණක බිංදු කිහිපයක්
  • 💚 සීනි තේ හැඳි 2 ක්
  • 💚 අවශ්‍ය පමණ ජලය
  • 💚 බැදීමට තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🧡 මුලින්ම භාජනයක් ගෙන පාන්පිටි , යීස්ට් ,සීනි , ලුණු සහ කලරින් බිඳු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  2. 🧡 දැන් වතුර ටික ටික එකතු කරමින් , රොටි පදමට ත් නැති ගොඩාක් දියාරුත් නැති ටිකක් ඝනකම් මිශ්‍රණයක් සකස් කර ගන්න.
  3. 🧡 මෙම මිශ්‍රණය සුලං නොවදින ලෙස වසා විනාඩි 30 ක් පිපෙන්න තබන්න.
පසුව අපි සීනි සිරප් එක හදා ගන්න ඕනෙ.

සීනි සිරප් සඳහා

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ❤️ සීනි කෝප්ප 1  1/2 ක්
  • ❤️ ලුණු ස්වල්පයක්
  • ❤️ වතුර කෝප්පයක් පමණ
  • ❤️ දෙහි බිංදු කිහිපයක්
  • ❤️ වැනිලා ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💜️ භාජනයක් ගෙන එයට සීනි, ලුනු සහ වතුර එකතු කර නූල් ඇදෙන පදමට එනතුරු හැඳි ගාමින් උතුරවා ගන්න.
  2. 💜️ පසුව ලිපෙන් ඉවතට ගෙන දෙහි යුශ ස්වල්පයක් සහ වැනිලා ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  3. 💛 විනාඩි 30 ට පස්සෙ බලන්න පිටි මිශ්‍රණය හොඳින් පිපිලා ඇති.
  4. 💛 මේ පිටි මිශ්‍රණය නැවත මිශ්‍ර කර ගන්න.
  5. 💛 දැන් කොනකින් සිදුරු කර ගත් ඉටි බෑගයක් හෝ පයිපින් බෑග් එකක් ගෙන මේ පිටි මිශ්‍රණය පුරවා ගන්න.මිශ්‍රණය ටිකක් රබර් වගේ ඇදෙන සුලු ගතියක් තියෙන්නේ , දියාරු කර ගන්න එපා.මම මේකට පාවිච්චි කලේ ප්ලාස්ටික් සෝස් බෝතලයක් , ඔයාලා දැකලා ඇති ආපනශාලා වල සෝස් දාලා තියන බෝතල්. හිස් බෝතල් වෙලදපලේ අඩු මුදලකට ගන්න පුළුවන් .
  6. 💛 දැන් තෙල් ටිකක් ලිප තබා හොඳින් රත් වූ පසු මේ මිශ්‍රණය කුඩා කැබලි ලෙස පයිප් කර ගන්න.
  7. 💛 හොඳින් බැද ගන්න.
  8. 💛 හොඳින් බැදුණු පසු රස්නය තිබියදීම සීනි සිරප් එකට දමා ටික වේලාවක් පැණි උරාගත් පසු වෙනත් භාජනයකට දමන්න.බැදපු බූන්දි දාන්න ඕන සීනි සිරප් එකත් රස්නය තිබියදීමය.ඉතිං මේක ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි හරිම පහසුයි ,ඔයාලත් හදලා බලන්න.😊

හෙළයේ රස මිහිර සැකසුම : © නදීෂා ගමගේ ..
බූන්දි හදමු (Bundi Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment