Raja Maduraka Ipadi Hitiya Nam Song Lyrics - රජ මැදුරක ඉපදී හිටියා නම් ගීතයේ පද පෙළ

Raja Maduraka Ipadi Hitiya Nam Song Lyrics - රජ මැදුරක ඉපදී හිටියා නම් ගීතයේ පද පෙළ
Song Title : Raja Maduraka Ipadi Hitiya Nam (රජ මැදුරක ඉපදී හිටියා නම්)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : ලූෂන් බුලත්සිංහල
තනුව : එච්.එම්. ජයවර්ධන


රජ මැදුරක ඉපදී හිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා අඬවාපන් මේ රෑ යාමේ

පුංචි පැටික්කන් මගදිග හඬවන සිල්ලර රස කැවිලී
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලාගෙන මගදිග යනවිට නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා අඬවාපන් මේ රෑ යාමේ

ඉඳහිට මොළවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා අඬවාපන් මේ රෑ යාමේ

රජ මැදුරක ඉපදී හිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා අඬවාපන් මේ රෑ යාමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment