Palaweniya Nubayi Song Lyrics - පළවෙනියා නුඔයි ගීතයේ පද පෙළ

Palaweniya Nubayi Song Lyrics - පළවෙනියා නුඔයි ගීතයේ පද පෙළ
Song Title : Palaweniya Nubayi (පළවෙනියා නුඔයි)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : වසන්ත කුමාර කොබවක
තනුව : එච්.එම්. ජයවර්ධන


පළවෙනියා නුඔයි මා කුස පිළිසිඳුණේ
පළවෙනියා වෙවී පන්තියෙ නුඔ හැදුණේ
ඒ මුල් තැනයි නුඹෙ හොඳටත් එරෙහි වුණේ
පළවෙනි වරදකරු වී දඟ ගෙට යැවුණේ

දස මස දිටිමි සිහිනය මා නුඹ ලබන
ඉන්මතු දිටිමි සිහිනය නුඹ රජෙකු වෙන
දස'තින් අපවාද නින්දා මට ලැබෙන
ඒ නුඹ නිසයි අද මහ උළු ගෙයි සිටින

යදැලෙන් මිදී නුඹ ගමරට එන දොහොට
කවුරුන් ඒ ද මල් පාවඩ අතුරන්ට
වරදක් වුනත් වන්නේ මතුදා හොඳට
මොහොතක් වුනත් ඇති හොඳ මිනිසෙකු වෙන්ට
මොහොතක් වුනත් ඇති හොඳ මිනිසෙකු වෙන්ට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment