Ane Ammapa Man Kemathiyi Song Lyrics - අනෙ අම්මප මං කැමතියි ගීතයේ පද පෙළ

Ane Ammapa Man Kemathiyi Song Lyrics - අනෙ අම්මප මං කැමතියි ගීතයේ පද පෙළ
Song Title : Ane Ammapa Man Kemathiyi (අනෙ අම්මප මං කැමතියි)
ගායනය : සහන් රන්වල සමග ප්‍රදීප් මුතුකුඩආරච්චි සහ පිරිස
පද : සිසිර දිසානායක
තනුව : ලයනල් රන්වල


අනෙ අම්මප මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා

අනෙ අම්මප මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා

මයෙ පැංචෝ (ඇයි ?
අක්කණ්ඩී (ඈ
මට බහ දේවි දෝ
බැහැ නොකියා

අනෙ අම්මප මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා
මයෙ පැංචෝ (ඇයි ?
අක්කණ්ඩී (ඈ
මට බහ දේවි දෝ
බැහැ නොකියා

අනෙ අම්මප මං කැමතියි

බිතක්කනේ යට ලීයේ
බිතක්කනේ යට ලීයේ
හැංගුව සෙනෙහෙ කොළේ (දුන්නද?
ගුංද ගතං ගතිද ගදං
ගුංද ගතං ගතිද ගදං
අක්කණ්ඩිට දෙන්ට කලින්
අප්පච්චිගෙ අතට ගිහිං
වින්නැහියක් වෙන්ට කලින්
අයියණ්ඩී යන්ට ගමින්

ඇයි බයේද මං යන්නේ
අනෙ අම්මප මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා

සොල්දරයේ පෙට්ටගමේ
සොල්දරයේ පෙට්ටගමේ
හැංගුණු කේන්දරේ

ගුංද ගතං ගතිද ගදං
ගුංද ගතං ගතිද ගදං
හනි හනිකට කළු මැදලා
හරි හරියට ගලපාලා
කපු රාළට සලකාලා
පිළිවෙලකට මං එනවා

කොයි කපේ ද අයියණ්ඩී
අනෙ අම්මප මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා

අනෙ අම්මප මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා

මයෙ පැංචෝ
අක්කණ්ඩී
මට බහ දේවි දෝ
බැහැ නොකියා

අනෙ අම්මාපා මං කැමතියි
අම්මපා ?

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment